ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් චරිත් අබේසිංහ නැවතත් බන්ධනාගාරයට
චරිත් අබේසිංහ යළි බන්ධනාගාරයට
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් සැකකාර චරිත් අබේසිංහ මහතා නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.
අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද(28) පෙරවරුවේ ඇප නියම කළ අතරඑහිදී රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ මහතා ඇතුළු තිදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි.
එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 08 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දෙන ලදි.
එමෙන්ම,ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා කළ නියෝගය කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
නමුත් සැකකාර චරිත් අබේසිංහ මහතා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළිත් බන්ධනාගාර භාරයට පත් කර තිබේ
‘හරක් කටා’ නොහොත් නඳුන් චින්තක වික්‍රමරත්නගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධ චෝදනා මත රඛිත රාජපක්ෂ මහතා සහ චරිත් අබේසිංහ මහතා පසුගිය ජූනි 25 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 2023 වසරේ ඩුබායිහිදී ‘හරක් කටා’ගේ බිරිඳගෙන් රුපියල් කෝටි 50ක අල්ලසක් ඉල්ලා, පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර, එම මුදලින් රුපියල් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබාගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි.




