විභාග ජාවාරම්වලට තිත තබන්න අගමැති මෝදිගෙන් තද තීරණ: විභාග ක්‍රමය යාවත්කාලීන කිරීමට බලකායක් පත් කෙරේ

0
ඉන්දීය අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

ඉන්දීය අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට නව කාර්ය සාධන බලකායක් පත් කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් මෝදී නිවේදනය කළේ, ඉන්ෆොසිස් සමාගමේ සම නිර්මාතෘ නන්දන් නිලේකානි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් රජයට ලබාදෙනු ඇති බවයි.

සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ පිරිස් දැන් සිරගත කර ඇති බවත් විභාග සම්බන්ධයෙන් දැඩි නීතිමය විධිවිධාන සහිත නව නීති සම්පාදනය කිරීමේ මුල් පියවර අද (27) පාර්ලිමේන්තුවේදී ගන්නා බවත් මෝදිගේ පණිවුඩයේ සඳහන්.

නව තාක්ෂණය සමග ඉන්දීය විභාග ක්‍රමය විශ්වාසනීය සහ විනිවිධභාවයකින් යුක්ත විය යුතු බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඒ සඳහා වන නිර්දේශ වෙනුවෙන් පත් කළ කාර්ය සාධක බලකායට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු සභාපතිවරයෙක්, බුද්ධි තොරතුරු කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙක්, හිටපු අධ්‍යාපන ලේකම්වරියන් ඇතුළු සාමාජිකයින්ද ඇතුළත්.

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීමක් මුල් කරගනිමින් කැරපොතු ජනතා පක්ෂය ප්‍රමුඛ ඉන්දීය තරුණ තරුණියන් දහස් ගණනක් මාසයක පමණ කාලයක් නවදිල්ලි පැවැත්වූ විරෝධතාද ගෙවුණු සති අන්තයේදී අවසන් විය.

ඒ, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com