තුනෙන් දෙකක බලයකින් විශ්වාසභංගය පරාජය වෙයි: විපක්ෂයේ 32 දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකෙයි

0
ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය 2/3කින් පරදියි

ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය 2/3කින් පරදියි

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්වුණා.

ඒ අද (24) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී අදාළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152 ක් එනම් 2/3ක් හිමිවූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36ක්.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත් වි තිබේ.

විපක්ෂයේ මන්ත්‍රීවරු 66 දෙනාගෙන් 32දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ දී සභා ගර්භයේ රැඳී සිට නැති බවද සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com