​’රත්ගම විදුර’ගේ මවගේ නමින් තිබූ රුපියල් කෝටි 15ක දේපොළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් තහනම් කරයි

0
රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් වේ

රත්ගම විදුරගේ කෝටි 15 දේපොළ තහනම් වේ

පුබුදුමුණු විදුර ලක්ෂාන් ද සොයිසා විජේසිංහ නොහොත් රත්ගම විදුර නැමැති අපරාධකරුට අයත් බව කියන රුපියල් කෝටි 15ක පමණ වටිනා දේපොළ තහනම් කර තිබේ.

ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.

අදාළ දේපළ රත්ගම විදුරගේ මවගේ නමින් මිලදීගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

ඒ අතර රත්ගම, දෙවෙනිගොඩ පිහිටි පර්චස් 13.72ක ඉදිකර ඇති රුපියල් ලක්ෂ 600ක් පමණ වටිනා තෙමල් ගොඩනැගිල්ලකි.

එම ප්‍රදේශයේම පිහිටි රුපියල් ලක්ෂ 450ක් පමණ වටිනා පර්චස් 9.10ක ඉඩම හා අඩක් නිම කරන ලද තෙමහල් ගොඩනැගිල්ල, එම ප්‍රදේශයේම පිහිටි පර්චස් 12.33ක රුපියල් ලක්ෂ 250ක පමණ වටිනා ඉඩමත් හා එම ප්‍රදේශයේම පිහිටි තවත් රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා ඉඩමක් තහනම් කළ දේපොළ අතරට ඇතුළත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com