වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම

0
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම

වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම

පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයෙකුට උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් අද (22) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය එල්ල කොට ඇති චෝදනාව සාධාරණ සැකයෙකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව, ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවක බන්ධනාගාරයක් තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් බොටුවෙන් වැළලා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්.ඩී. දේවානන්ද නමැති රජයේ රෝහලක සේවය කළ සෞඛ්‍ය සහායක සේවකයෙකුටය.

2014 වසරේ මැයි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයකදී එප්පාවල අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි බී. මහින්ද කුමාර නොහොත් ‘බෙලිගල’ යන අයගේ මරණය සිදුකළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන මූලික විභාගයෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත යොමු කර තිබුණි.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ යොමාලි නාගොඩ විතාන මෙනෙවිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙනී සිටියේය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. අබේසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (61421) විජේරත්න මහතා විමර්ශන ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ අතර, අනුරාධපුර මහාධිකරණයේ නඩු සම්බන්ධීකරණ නිලධාරී උප පොලිස් පරීක්ෂක ධර්මදාස වඩිමුණ මහතා පොලිස් සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ. කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com