රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති ජංගම දුරකථන තොගයක් වලානෙන් වටලයි

0
රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති ජංගම දුරකථන තොගයක් වලානෙන් වටලයි

රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති ජංගම දුරකථන තොගයක් වලානෙන් වටලයි

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මේ වනවිටත් එම වැටලීම සිදුකරමින් සිටින අතර, අදාළ දුරකථන තොගය සමඟ පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත.

අයි-ෆෝන් වර්ගයේ දුරකථන ඇතුළු නවීන ජංගම දුරකථන 300කට අධික ප්‍රමාණයක් වැටලීමේ දී සොයා ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව පැවසේ.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයට යටතේ මෙම මෙහෙයුම සිදුකරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com