පසුගිය කන්නවල මිලදී ගත් වී ටොන් 110,000ක් තවමත් රජයේ ගබඩාවල
පසුගිය කන්නවල මිලදී ගත් වී ටොන් 110,000ක් තවමත් රජයේ ගබඩාවල
පසුගිය කන්න 3කට අදාළ වී මෙට්‍රික් ටොන් 110,000ක් පමණ තවමත් ගබඩාවල ඉතිරිව පවතින බව විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ප්‍රකාශ කළේය.
යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට අමතරව පෞද්ගලික ගබඩා, මහවැලි අධිකාරිය සතු ගබඩා මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගබඩාද ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
එසේම, අලුතින් වී මිලදී ගැනීමේදී සමහර ගබඩා එක දිගට විවෘතව තබා ගැනීමට නොහැකි වී ඇත්තේ මණ්ඩලයට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 120ක් පමණ වුවත් දැනට සිටින්නේ නිලධාරීන් 53ක් වැනි සීමිත පිරිසක් නිසා බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් පවතින සේවක හිඟය මධ්‍යයේ වුවද මේ වන විට වී ගබඩා 64ක් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
– whatnews




