විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවන්ට SLBFE ශිෂ්‍යත්ව, 2025 වසර සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹේ

0
විදේශ රැකියාවන්හි නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන්

විදේශ රැකියාවන්හි නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචිව විදේශ රැකියාවන්හි නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් සඳහා පිරිනමන ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන මේ දිනවල දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකුට රුපියල් 25,000ක ශිෂ්‍යත්වයක්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (අ.පො.ස. සා/පෙළ) සමත් දරුවෙකුට රුපියල් 30,000ක් සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (අ.පො.ස. උ/පෙළ) සමත් දරුවෙකුට රුපියල් 40,000ක ශිෂ්‍යත්ව මුදලක් පිරිනැමේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දූ දරුවන් සඳහා වන ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවය පසුගියදා හලාවතදී පැවැත්වුණු අතර, ඒ සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ හිරුණි විජේසිංහ සහභාගී විය.

මේ අතර, 2025 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග සමත් සුදුසුකම්ලත් දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීම වෙනුවෙන් මාර්ගගත අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබේ.

අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි අතර, වැඩිදුර තොරතුරු සඳහා තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත විමසිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com