මර්වින් සිල්වා හා ප්‍රසන්න රණවීර ඇතුළු 6කට එරෙහිව අධිචෝදනා
මර්වින් සිල්වා හා ප්‍රසන්න රණවීර ඇතුළු 6කට එරෙහිව අධිචෝදනා
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූඨලේඛන සකස් කර එය විකිණීමට තැත් කළැයි කියන චෝදනාවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාර දි තිබේ.
ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ.
විත්තිකරුවන් හය දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට මෙහිදී අධිකරණය නියම කළා.
අනතුරුව විත්තිකරුවන් අමතර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමයි අධිකරණය නියම කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළ අතර, නඩුවේ පළමු කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තැබුණා.
මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අයවලුන්.
රජයේ නිතීඥ සමදරී පියසේන නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.




