පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්

0
පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්

පිල්ලෙයාන් තවදුරටත් රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” ලබන ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.

වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සැකකරු අද (13) දින අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, T-56 ගිනිඅවි යොදාගෙන සිදු කළ ඝාතන කිහිපයකට අදාළව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුව පවරා ඇති බවයි.

එම සිදුවීම්වලට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලෙයාන්” සෘජුව සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන ජූලි 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com