‘කල්ඉකුත්වූ බඩු’ යැයි ගම්පොළින් අරන් ගිය භාණ්ඩ නැවත භාර දේ

0
‘කල්ඉකුත්වූ බඩු’ යැයි ගම්පොළින් අරන් ගියපු භාණ්ඩ ආපහු භාරදීලා

‘කල්ඉකුත්වූ බඩු’ යැයි ගම්පොළින් අරන් ගියපු භාණ්ඩ ආපහු භාරදීලා

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ (දිසාපති) නියමයෙන් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි අභ්‍යන්තර විගණන නිලධාරීන් පිරිසක්, එහි නිසි ක්‍රමවේදයකින් තොරව මුද්‍රා තබා රැගෙන ගිය ලිපිගොනු සහ භාණ්ඩ කිහිපයක් ඊයේ (10) නැවත පැමිණ බලහත්කාරයෙන් භාර දී තිබෙන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා පවසයි

මීට දින කිහිපයකට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාමර 3ක් නීති විරෝධී ලෙස මුද්‍රා තබා, එහි තිබූ භාණ්ඩ හා ගබඩා ලිපිගොනු ජනමාධ්‍යද සම්බන්ධ කරගනිමින් මෙම නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබුණා.

මෙම අත්තනෝමතික ක්‍රියාවට සහ තම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමට එරෙහිව එවකට සිටි ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය දැඩි විරෝධය දැක්වූ අතර, පසුව ඇයව විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට අනුයුක්ත කිරීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත් තරිඳු ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ, අදාළ නිලධාරීන්ගේ නීති විරෝධී හැසිරීමට එරෙහිව පොලිසියට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති පසුබිමක, ඊයේ දිනයේදී වැඩබලන ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිටදීම මෙම භාණ්ඩ සහ ලිපිගොනු නැවත කාර්යාලය වෙත ගෙනවිත් බලහත්කාරයෙන් බාර දී ඇති බවයි.

එදා “කල් ඉකුත් වූ බඩු” යැයි පවසමින් මාධ්‍ය සංදර්ශනයක් පවත්වා රැගෙන ගිය භාණ්ඩ, නිසි ආරක්ෂිත මුද්‍රා තැබීමකින් තොරව බාහිරව තබාගෙන සිට නැවත මෙලෙස ගෙනැවිත් බාරදීම බරපතල ගැටලු සහගත තත්ත්වයක් බවත්, මෙය දිසාපතිවරයා ඇතුළු පිරිස සිය බලය අයුතු ලෙස භාවිත කිරීමක් බවත් ඔහ් වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com