කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) ගනුදෙනු අවසානයේ ඒකක 67.84කින් ඉහළ ගොස්, 21,765.56ක් ලෙස සටහන් වී තිබේ.
අද (10) දින ගනුදෙනු අතරතුර වෙළෙඳපොළේ ධනාත්මක ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2ක් ලෙස වාර්තා වී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කළේය.
මෙම වර්ධනයත් සමඟ දේශීය කොටස් වෙළෙඳපොළේ ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන ලකුණු පෙන්නුම් කරන අතර, වෙළෙඳපොළේ ගනුදෙනු ක්‍රියාකාරකම්ද සක්‍රීය මට්ටමක පැවති බව වාර්තා වේ.




