වන අලි සුපෝෂණ සහ වාසභූමි පුනරුත්ථාපන වැඩසටහන ඇරඹෙයි
වන අලි සුපෝෂණ සහ වාසභූමි පුනරුත්ථාපන වැඩසටහන ඇරඹෙයි
අලි මිනිස් ගැටුමට සාම්ප්‍රදායික වැටවල් සහ කොටුකිරීම්වලින් ඔබ්බට ගිය විද්‍යාත්මක හා මානුෂීය විසඳුමක් ලබා දෙමින් වනඅලි සුපෝෂණ සහ වාසභූමි පුනරුත්ථාපන ජාතික වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා.
පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වනඅලි සුපෝෂණ සහ වාසභූමි පුනරුත්ථාපන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
එහි පළමු පියවර කලාවැව, පුත්තලම තබ්බෝව වැව් පරිශ්‍රය සහ කලාපීය රක්ෂිත කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක වනවා.
රක්ෂිත සහ වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති ජපන් ජබර සහ කළපු අන්දර වැනි ආක්‍රමණශීලී ශාක සම්පූර්ණයෙන්ම ඉවත් කර, වනඅලින්ට ප්‍රියජනක ස්වාභාවික තෘණ සහ ශාක වර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා.
වනජීවී කලාප තුළ පිහිටි පැරණි වැව් ප්‍රතිසංස්කරණය කරමින්, වියළි කාලවලදී පවා සතුන්ට ප්‍රමාණවත් ජල පහසුකම් වනාන්තරය තුළම රඳවා තැබීමද තවත් පියවරක්.
සතුන්ගේ බඩගින්න සහ පිපාසය වනාන්තරය තුළදීම නිවාලීම මඟින්, අලි ඇතුන් ස්වාභාවිකවම මිනිස් ජනාවාසවලින් ඈත්ව තබා ගැනීමට හැකිවන බව ලෝක පාරිසරික පර්යේෂණ මඟින්ද සනාථ කර තිබේ.




