බන්ධනාගාරයේ සිද්ධිය ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්
බන්ධනාගාරයේ සිද්ධිය ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්
මීගමුව බන්ධනාගාරයේ පසුගිය 05 සහ 06 යන දෙදින තුළ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) එම කමිටුව පත් කර තිබේ.
සිද්ධියට හේතු වූ කරුණු පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව ක්‍රියාත්මක වන අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.
කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එල්.ඩී. අසේල මහතා නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේය.




