අලුත උපන් ඇමෙරිකානු දරුවන්ගේ “ට්‍රම්ප් ගිණුම්” ලක්ෂ 5කට රජයෙන් ඩොලර් 1000ක්

0
අලුත උපන් ඇමෙරිකානු දරුවන්ගේ “ට්‍රම්ප් ගිණුම්” ලක්ෂ 5කට රජයෙන් ඩොලර් 1000ක්

අලුත උපන් ඇමෙරිකානු දරුවන්ගේ “ට්‍රම්ප් ගිණුම්” ලක්ෂ 5කට රජයෙන් ඩොලර් 1000ක්

අලුත උපන් අමෙරිකානු දරුවන් වෙනුවෙන් රජය හඳුන්වා දුන් “ට්‍රම්ප් ගිණුම්” පන්ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සඳහා පළමු ඩොලර් දහසක මුදල තැන්පත් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

කුඩා අවධියේ සිටම කොටස් වෙළෙඳපොළ ආයෝජන මඟින් ධනය උපයා ගැනීම සඳහා අමෙරිකානු පුරවැසියන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිණුම් ක්‍රමය, 2025 සහ 2028 වසරවල උපදින අමෙරිකානු දරුවන් ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති බවද වාර්තා වේ.

ඉදිරි අතුරු මැතිවරණය සඳහා ජීවන වියදම් අර්බුදය ප්‍රධාන මාතෘකාවක් වී ඇති පසුබිමක මෙම නව වැඩසටහන ආරම්භ කිරීම විශේෂත්වයකි.

නිව්යෝර්ක් සහ නැස්ඩැක් කොටස් වෙළෙඳපොළ ප්‍රධානීන් සමඟ එක්ව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මෙහි සමාරම්භක සීනුව නාද කිරීමටද ඊයේ (06) ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මෙම වැඩසටහනින් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාවය සහ දිගුකාලීන ආයෝජන ප්‍රවර්ධනය වන බව පාලක පාර්ශවය පෙන්වා දෙයි. කෙසේ වුවද, අඩු ආදායම්ලාභී පවුල්වලට මෙයට අමතර දායකත්වයක් සැපයීමට නොහැකි වීම හේතුවෙන් මෙහි පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට ඔවුන්ට අපහසු වනු ඇති බවට විවේචකයින් මත පළ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com