මහින්ද කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
මහින්ද කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් මිලියන 5ක (කෝටි 100) අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස, දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.
හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී ඩොලර් මිලියන 05 (කෝටි 100)ක් අල්ලස් වශයෙන් සිංගප්පූරුවේ විදම්බරම් යන පුද්ගලයා දිවුරුම් ප්‍රකාශයකින් පවසා ඇති ආකාරයට ටී.පී.එල්. ඉත්මා සමාගම හා හෙලියාට් යන උපදේශන සේවා සපයන සමාගමක් හරහා මුදල් ලබා දී ඇති බව සජින් වාස් ගුණවර්ධන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එසේම එම මුදල් ආයෝජනය කර තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් මිල දී ගැනීම හා C.S.N. මාධ්‍ය ජාලයට මුදල් ලබා දී ඇති බවත්, මෙම දිවුරුම් ප්‍රකාශයේ තව දුරටත් LOLC හරහා මුදල් ලංකාවට පැමිණි මුදල් විශුද්ධිකරණය වී ඇති බවත් සඳහන් කර තිබේ. ඊට අදාළ බැංකු ගිණුම් අංකයක් ද මොහු විසින් සඳහන් කරයි. මෙම දිවුරුම් ප්‍රකාශකරු ඕනෑම අධිකරණයකට පැමිණ සාක්ෂි දීමත්, අනෙකුත් ඊමේල් පණිවිඩ ලිය කියවිලිවල සටහන්ව ඇති බවට සජින් වාස් ගුණවර්ධන ප්‍රකාශ කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන්ය.
එබැවින් සජින් වාස් ගුණවර්ධන කැඳවා අවශ්‍ය ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් මෙම දූෂණ ක්‍රියාවලිය සම්බන්ධ තොරතුරු හෙළි කර ගැනීමට හැකියාව පවතින බවත් මේ සඳහා කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර නීතිමය කටයුතු සිදු කරන ලෙසත් අල්ලස හෝ දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදු කරමින් ඉල්ලා සිටී.




