රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ප්‍රවණතාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

රන් අවුන්සයක මිල පෙර දිනයට සාපේක්ෂව 1.52%ක අගයකින් වර්ධනය වී ඇති අතර එහි වත්මන් අගය ඇමරිකානු ඩොලර් 4,175යි ශත 07ක් ලෙස සඳහන් වේ.

ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ ගියද දේශීය රන් වෙළෙඳපොළේ මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් දැකගත හැකියි.

ඒ අනුව මින් පෙර රුපියල් 386,000 පැවති කැරට් 24 රන් පවුමක මිල අද (04) වන විට රුපියල් 384,000 දක්වා අඩුවී තිබේ.

මීට අමතරව කැරට් 22 රන් පවුමක මිලද රුපියල් 355,100 සිට රුපියල් 353,300 දක්වා අඩු වී ඇති බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com