ආපනශාලා ආහාර මිල ගණන් පහළට
ආපනශාලා ආහාර මිල ගණන් පහළට
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසයි.
බත් පාර්සලයක්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්, කෙටි ආහාර රුපියල් 5කින් හා පරාටා සහ බිත්තර රොටිරුපියල් 5කින්, මිල අඩු කර තිබෙනවා.
එමෙන්ම කිරි තේ එකක් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගත් බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ.
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් පහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.




