පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් 11කට දඩ

0
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්

මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩයක්

පාසල් සිසුන් සඳහා දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.

කිලිනොච්චිය නගර සීමාවේ පිහිටි වෙළෙඳසැල් හිමියන් පිරිසකට මෙලෙස දඩ නියම කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් යොදා ලබා ගත් තොරතුරු මත පාසල් සිසුන් හා උපකාරක පන්ති සිසුන් සදහා දුම්වැටි අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ බව සඳහන් විය.

එහිදී වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් අධිකරණය විසින් දඩ නියම කර ඇත.

අධිකරණයට ඉදිරපත් නොවූ වෙළෙඳසැල් හිමියන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමටද මෙහිදී නියෝග කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com