සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්

0
සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්

සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාව ලබන ජූලි මස 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කලේය.

සැකකරු අද (01) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන තීන්දුව එළඹෙන ජූලි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදි.

එදින දක්වා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කල අතර මෙම විමර්ශන කටයුතුවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන අංශය අද(01) අධිකරණය හමුවේ පැවසීය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com