වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

0
වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ අවහිරතා හේතුවෙන් අද (30) දිනයේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි අය සඳහා ජුලි මස 7වන දින රාත්‍රී 12.00 දක්වා එම ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි.

විශාල පිරිසක් එකවර ඔන්ලයින් ඔස්සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ අවහිරතාවක් සිදුව ඇති බව සදහන් වේ.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුවන තාක්ෂණික ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ පහත දුරකථන අංක ඔස්සේ පමණක් සම්බන්ධ වන ලෙස කොමිෂන් සභාව මහජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

076 701 1954
011 258 7287

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com