2026 වසරේ ලෝකයේ හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව

0
2026 වසරේ ලෝකයේ හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව

2026 වසරේ ලෝකයේ හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව

මේ වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඒ BookRetreats.com ආයතනය විසින් නිකුත් කරන ලද නවතම ‘State of Retreats 2026’ වාර්තාව මගින්.

එම වාර්තාවේ දැක්වුණේ මෙරට ආයුර්වේද අභයභූමි ගෝලීය වශයෙන් සංචාරකයින්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති බවයි.

මෙරට පවතින ආයුර්වේද උරුමය, අඩු පිරිවැය හා සහනදායී මිල ගණන්, වීසා සහන හා ස්වාභාවික විසිතුරු බව, ඊට හේතුවී තිබෙනවා.

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්ත අතර දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, ඕස්ට්‍රේලියාවයි.

තුන්වැනි ස්ථානය, මොරොක්කෝවට හිමිව තිබෙනවා.

ගෝලීය සුවතා සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, Global Wellness Institute ආයතනය පුරෝකථනය කරන්නේ 2027වන විට මෙම ක්ෂේත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

2026 වසරේ ලොව ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත 10,

1 ශ්‍රී ලංකාව
2 ඕස්ට්‍රේලියාව
3 මොරොක්කෝව
4 එංගලන්තය
5 ස්පාඤ්ඤය
6 නේපාලය +
7 තායිලන්තය
8 මෙක්සිකෝව
9 කොස්ටාරිකාව
10 කැනඩාව

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com