රු. ලක්ෂ 42ක විදෙස් දුම්වැටි තොගයක් සමග විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

0
ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කිරීමට උදව් කළ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියක් CID අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 42ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ විදෙස් කාන්තාවක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකාරිය අද දින (29) අලුයම චීනයේ කුංමිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු බව පැවසීය.

ඇය විසින් එම දුම්වැටි තොගය “හරිත මාවත” ඔස්සේ පිටකරගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

එම කාන්තාව රැගෙන ආ ගමන් මලු තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000ක තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය 40 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක් බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com