යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ OIC අත්අඩංගුවට
යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ OIC අත්අඩංගුවට
රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
පසුගිය 26 වෙනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුතු සඳහා පිටත්වයාමේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර, යළිත් එම උණ්ඩ භාරදී නොමැති බව සඳහන්.
ඒ අනුව, විමර්ශන සිදුකළ සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ(27) අත්අඩංගුවට ගෙන තිබේ.




