ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

0
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි

ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 30දෙනෙකු මියගොස් ඇති බවය.

පෙර වසරවලට සාපේක්සව ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගය රෝහල් කිහිපයක රෝගී ධාරිතාවද ඉක්මවමින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අහිතකර බලපෑම් එල්ලකර තිබේ.

එවන් පසුබිමක දිවයිනේ ඩෙංගු වසංගත අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය කෙරෙන පරිදි ඇරඹි දින 03ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (26) තෙවැනි දිනටත් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර පවතින ඩෙංගු අවදානම පාලනයට මෙවර පොසොන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී කොන්දේසි පැනවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com