2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

0
2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

2026 අගෝස්තු මස 10වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය මගින් අමාත්‍යාංශය දැනුවත් කර ඇත්තේ 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.
ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය දින ගණන, 300කි.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා අධ්‍යයන කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට ලබන අගෝස්තු 7 වැනිදා දක්වා පාසල් පැවැත්වෙන දින ගණන, 343ක් බව, අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ විභාගයට, දෙවැනි සහ තුන්වැනි වර පෙනී සිටින සිසුන් සදහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දින සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය, මාස 4යි දින 10කි.

ඒ අනුව උසස් පෙළ විභාගය සදහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් විභාගය පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com