මෙරට රෝහල් පද්ධතියට රු.මි 1,950ක් වටිනා නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්
මෙරට රෝහල් පද්ධතියට රු.මි 1,950ක් වටිනා නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්
මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර ඇත. රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
එම වැඩසටහන තුළ දිවයින පුරා රෝහල්වල සීටී (Computed Tomography) ස්කෑනර් සේවා පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රෝහල්වලට නවීන තාක්ෂණික සීටී ස්කෑනර් යන්ත්‍ර ලබාදීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.
ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් 128 – ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් සීටී ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් මේ වනවිටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක්ද දැනටමත් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950ක වටිනාකමකින් යුත් අතිනවින සීටී ස්කෑනර් මිලදි ගැනිම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර වේ. එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64-ස්ලයිස් සහ 128-ස්ලයිස් සීටී ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස අවශ්‍යව තිබුණි.
අළුතින්ම සපයන ලබන මෙම අධි තාක්ෂණික පද්ධති මගින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිශ්ච්‍යයන් ලබාගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවෙනු ඇත.




