උස පැනීමේ ඉසව්වෙන් තරිඳු දසුන්ට රන් පදක්කමක්
උස පැනීමේ ඉසව්වෙන් තරිඳු දසුන්ට රන් පදක්කමක්
2026 මලයාසියා විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ (Malaysia Open Athletics Championships) පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩක තරිඳු දසුන් සමත්ව තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් අත්කර දෙමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.
මෙම තරගාවලියේදී මීටර 2.22ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට තරිඳු දසුන් සමත් වූ අතර, එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙසද වාර්තා පොත් අතරට එක්වේ. මීට පෙර මීටර 2.21ක උපරිම දක්ෂතාවයක් දක්වා තිබූ ඔහු, මෙවර ප්‍රදර්ශනය කළ ඉහළ දක්ෂතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උස පැනීමේ ඉසව්වේ ඉදිරි ගමන පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ.




