රන් මිලේ සැලකිය යුතු වෙනසක්
රන් මිලේ සැලකිය යුතු වෙනසක්
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබේ
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (19) දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙසයි.
ඒ අනුව, මෙරට රන් මිලද රුපියල් 9,000කින් පහළ ගොස් තිබේ.
කැරට් 24ක රන් පවුමක මිල අද දින (19) රුපියල් 382,000ක් ලෙස සඳහන් වන අතර ඊයේ(18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූණා. එමෙන්ම, කැරට් 22 රන් පවුමක අද (19) දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් විය.
එහි ඊයේ(18) පැවති මිල රුපියල් 359,700ක්.






