ජනතාවට පහසුවෙන් පොලිස් සේවාවන් ලබාගත හැකි Mobile App එකක්

0
ජනතාවට පහසුවෙන් පොලිස් සේවාවන් ලබාගත හැකි Mobile App එකක්

ජනතාවට පහසුවෙන් පොලිස් සේවාවන් ලබාගත හැකි Mobile App එකක්

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ සේවාවන් මහජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් IOS සහ Android මෙහෙයුම් පද්ධති සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) සහ නව පොලිස් වෙබ් අඩවියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් අඟහරුවාදා (16) පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණි.

මෙම ජංගම යෙදවුම හරහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන දැනුවත්කිරීම්, පුවත්, ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතයන් ජනතාවට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි අතර, හදිසි දැනුම්දීම් ක්ෂණිකව ලබාදීම සඳහා Notification පහසුකමද ඇතුළත් කිරීමට නියමිතය.

එමෙන්ම පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම් කිරීම, හදිසි දුරකථන අංක වෙත ප්‍රවේශ වීම, හදිසි අවස්ථාවලදී Location Alerts යැවීම ඇතුළු පොලිස් සේවාවන් රැසක් මෙම යෙදවුම හරහා ලබාගැනීමට හැකි වනු ඇත.

මෙම යෙදවුම සහ වෙබ් අඩවිය Vampior Design මෘදුකාංග සංවර්ධන ආයතනය විසින් නිර්මාණය කරන අතර, ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණික සහයෝගය හා පද්ධති පාලනය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මඟින් සිදු කෙරේ. අන්තර්ගත කරුණු සකස් කිරීමේ කාර්යය පොලිස් මාධ්‍ය කොට්ඨාසය භාරව කටයුතු කරයි.

මෙම නව ඩිජිටල් ව්‍යාපෘතිය හරහා පොලිස් සේවා ලබාගැනීම සඳහා ජනතාව වැය කරන කාලය හා ශ්‍රමය සැලකිය යුතු ලෙස ඉතිරි වන අතර, අනාගතයේදී සෑම පුරවැසියෙකුගේම ජංගම දුරකථනයක භාවිත වන ප්‍රයෝජනවත් යෙදවුමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com