අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව විසින් සැක කටයුතු වෙබ් අඩවි 13ක් තහනම් කෙරේ
අමෙරිකාවේ නීති දෙපාර්තමේන්තුව සැක කටයුතු වෙබ් අඩවි 13ක් තහනම් කරයි
චින ඔත්තු බැලීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන වෙබ් අඩවි 13ක් තහනම් කිරීමට අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රහස්‍ය තොරතුරු ලබාගත හැකි අමෙරිකානු ජාතිකයන් ඉලක්ක කරමින් ව්‍යාජ උපදේශන ආයතන ලෙස පෙනී සිටි බව කියමින් එම වෙබ් අඩවි තහනම් කළ බව අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ආරක්ෂක කටයුතුවලට ප්‍රවේශ වීමේ අවසර ඇති අමෙරිකානු ජාතිකයන්ගෙන් එම රහස්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා චීන නියෝජිතයන් විසින් මේ වෙබ් අඩවි 13 භාවිත කර ඇතැයි අමෙරිකානු බලධාරින් සැක පහළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ පිළිබඳ පසුගියදා ‘ෆයිව් අයිස්’ නමැති බුද්ධි සන්ධානය මඟින් අනතුරු ඇඟවීමක් සිදු කළ බවද වාර්තා වේ.
අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය රටවල් ඇතුළත් එම සන්ධානය සිදුකළ අනතුරු ඇඟවීමේ පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ චීන හමුදා බුද්ධි අංශ විසින් රහස්‍ය තොරතුරු ලබාගැනීම සඳහා එම වෙබි අඩවි භාවිත කරන බවය.
වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධව එරට මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්බීඅයි) ප්‍රති බුද්ධි සහ ඔත්තු බැලීමේ අංශයේ සහකාර අධ්යක්ෂ රෝමන් රොෂාව්ස්කි සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ අතිසංවේදී තොරතුරු පරිහරණය කිරිමට අවසර දී ඇති අමෙරිකානු ජාතිකයන් මුළා කරමින් තොරතුරු ලබා ගැනීමට සිදු කරන ඕනෑම උත්සාහයක් හෙළිදරව් කර ව්‍යාර්ථ කිරිමට පියවර ගන්නා බවය.





