උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් වන විට අවසන් කිරිමට සැලසුම්
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් වන විට අවසන් කිරිමට සැලසුම්
දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය උඩරට දුම්රිය මාර්ගයේ ප්ර්තිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්, එම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු එළබෙන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරිමට සැලසුම් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ කොටගල, ග්රේයඩ්වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන ආසන්නයේ ස්ථාන 5ක් දිට්වා සුලි කුණාටුවෙන් නාය ගොස් ඇති බවත්, ඉන් කොටගල, සහ තලවකැලේ 112.5 සැතපුම් කණුව අසල මීටර් 50ක කොටසක්, නානුඔය සහ අඹේවෙළ අතර, නාය ගිය ස්ථානවල ප්රටතිංස්කරණ කටයුතු පෞද්ගලික අංශයෙට භාර දී ඇති බවත්, එය දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරුවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවයි මංජුල සුරවීරආරච්චි මහතා ප්‍රකාශ කළහ.
කොටගල සහ තලවකැලේ අතර නාය ගිය ස්ථානය මීටර් 50ක පමණ කොටසක් යථා තත්වයට පත් කිරිමට කළු ගල් අතුරා ආරක්ෂිත පැති බැමි ඉදි කිරිමට සැලසුම් කර ඇති අතර, එම ඉදි කිරිම් කටයුතු සිදු කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු සේවා සැපයුම් දුම්රියක් සහ එහි සේවකයන්ද යොදා ගෙන ඇත.






