සාම ගිවිසුමේ සුබ ආරංචිය

0
සාම ගිවිසුමක සුබ ආරංචියක්

සාම ගිවිසුමක සුබ ආරංචියක්

පසුගිය දින කිහිපය පුරා ලෝකයම දැඩි යුද බියකින් වෙලාගත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම් නිමා කරමින්, දෙරට මේ වන විට සාම ගිවිසුමක “අවසන් එකඟතා ලියවිල්ල” වෙත පැමිණ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා නිවේදනය කරයි.

සිය නිල එක්ස් (X) සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, දෙපාර්ශවය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මැදපෙරදිග කලාපයට සාමය උදාවීම මින් පෙර කිසිදු දිනක නොවූ තරම් ඉතාමත් ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි.

මෙම ගැටුම් පැවති සමය පුරාම දෙරට අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, “මීට පෙර කවදාවත් සාමය මේ තරම් සමීප වී තිබුණේ නැහැ” යනුවෙනි.

පසුගිය කාලසීමාව පුරා කලාපීය මෙන්ම ගෝලීය වශයෙන් දැඩි ආර්ථික සහ ආරක්ෂක නොසන්සුන්තාවකට හේතු වූ මෙම දරුණු ගැටුම නිමා කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන නායකත්වය පෙන්වූ නම්‍යශීලීභාවය මෙන්ම ගෙන ඇති නිර්භීත පියවර පිළිබඳව ද පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා එහිදී සිය උපරිම සුබවාදී අදහස් පළ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com