ශාන් විජයලාල් ද සිල්වා රිමාන්ඩ්

0
ශාන් විජයලාල් ද සිල්වා රිමාන්ඩ්

ශාන් විජයලාල් ද සිල්වා රිමාන්ඩ්

දකුණු පළාත් හිටපු මහ ඇමතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (10) උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි.

2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරු 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක්, නිවාස කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩු කිරීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com