ICCය කැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
ICCය කැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි
කැනේඩියානු ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ඔවුන්ට ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධාන කරන තරග සඳහා ක්‍රීඩා කිරීමට හැකි වන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් පාලිත යාන්ත්‍රණයක් හරහා ලබාදීමට නියමිතව ඇති බවටද සඳහන්ය.
කැනේඩියානු ක්‍රිකට් කමිටුව සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
කැනේඩියානු ගුවන්විදුලි සංස්ථාව විසින් අප්‍රේල් මාසයේදී විකාශය කරන ලද වාර්තා චිත්‍රපටයකින්, ක්‍රිකට් කැනඩාවේ පාලනය තුළ ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධ දූෂණ චෝදනා එල්ල වී තිබූ අතර, තරග හැසිරවීම සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනද ඊට ඇතුළත් විය.
එමඟින් ඉල්ලා සිටියේ, දූෂණ විරෝධී විමර්ශනයක් කඩිනමින් ආරම්භ කළ යුතු බවයි.
සාමාජිකත්වය නැවත ලබා ගැනීම සඳහා ක්‍රිකට් කැනඩාවට එහි පාලන සහ පරිපාලන ගැටලු නිරාකරණය කිරීම අරමුණු කරගත් කොන්දේසි මාලාවක් අනුගමනය කිරීමට සිදුවනු ඇත.
