සජීවී කොරල්පර සහ මත්ස්‍ය විශේෂ අලෙවි කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට
සජීවී කොරල්පර සහ මත්ස්‍ය විශේෂ අලෙවි කළ සැකකරුවන් 2ක් අත්අඩංගුවට
කොරල්පර සහ මත්ස්‍ය විශේෂ සජීව ලෙස තබා ගනිමින් අලෙවි කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
ඒ වනජීවි නිලදාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදියි.
මෙම සැකකරුවන් වට්ස්ඇප් ඔස්සේ මේවා අලෙවි කිරිම සිදුකර තිබෙනවා. විවිධ මිල ගණනන් යටතේ වට්ස්ඇප් සමූහ ඔස්සේ මේවා අලෙවිකර තිබෙනවා.
මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
ගුවන් හමුදා බුද්ධි නිලදාරින්ට ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලදාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා.
මුහුදුමල්, හදුනානොගත් ගැබේජ් කොරල්, මුව අං හැඩැති කොරල්, රෙඩ් කොරල් ඇතුලු දුර්ලබ ගණයේ මුහුදු මාළු විශේෂ 7ක් මෙම සැකකරුවන් අලෙවිකර තිබුණි.




