රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් ගෙනෙයි

0
රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් ගෙනෙයි

රන්සිනි පෙරේරා ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් ගෙනෙයි

හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් විය.

ඇය මෙම තරගය තත්පර 24.07ක කාලයකින් නිම කරමින් තම දක්ෂතාව ප්‍රදර්ශනය කළාය.

මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි රන් පදක්කම ලෙස සනිටුහන් විය.

මේ අතර මෙහි මීටර් 200 ශූරතා බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සදෙව් රාජකරුණා සමත්වූ අතර ඔහු තත්ත්පර 21.13ක කාලයක් තුළ ඔහුගේ තරගය නිම කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com