ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත – කත්නෝරුවේ හිමි

0
ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත – කත්නෝරුවේ හිමි

ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත – කත්නෝරුවේ හිමි

සම්බුද්ධ ශාසනයේ හෝ ආගම දහමක පැවැත්ම තීරණය කිරීමට රජයට, ජනාධිපතිවරයාට හෝ පාලන තන්ත්‍රයට නොහැකි බවත්, එහි පැවැත්ම රඳා පවතින්නේ මුළුමනින්ම හැසිරීම මත පමණක් බවත් පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් පවසනවා.

‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං’ යන බුදු වදන සිහිපත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ධර්මයේ හැසිරෙන්නේ නම් ධර්මය විසින්ම සදාකාලිකව මිනිසුන්ව සුරක්ෂිත කරන බවයි.

එමෙන්ම තරුණයෙකු තමන් වහන්සේ සමඟ පැවසූ අදහසක් උපුටා දක්වමින් කත්නෝරුවේ සිරිධම්ම හිමියන් මෙහිදී කරුණු පැහැදිලි කළා.

වත්මන් ආණ්ඩුව ආගමට බර නැති බවත්, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නටබුන් විනාශ වන බවත් ඇතැමුන් පවසනු ඇතැයි උන්වහන්සේ පවසනවා.

මෙතරම් කලක් මෙම රට පාලනය කළේ කවුරුන්ද යන්න තමන් වහන්සේ එම තරුණයාගෙන් විමසා සිටි බවත් මෙතෙක් කලක් මෙම රට පාලනය කරනු ලැබුවේ අන්‍යාගමික පාලකයන් නොව බෞද්ධ පාලකයන්ම බවට තමන් වහන්සේ පැවසූ බවත් කත්තෝරුවේ සිරිධම්ම හිමියන් පවසනවා.

එබැවින්, තමන්ගේම හදවතට තට්ටු කර බලා මෙම ක්‍රියාවලිය සාර්ථක වී තිබේද නැතහොත් වැරදී තිබේද යන්න වටහා ගන්නා ලෙසට තමන් වහන්සේ සිහිපත් කළ බවට උන්වහන්සේ සඳහන් කළා.

එම නිසා කිසිදු හේතුවක් මත මෙම සද්ධර්මය ආරක්ෂා කිරීම හෝ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තීරණය කිරීම රජයට, ජනාධිපතිවරයාට හෝ පාලන තන්ත්‍රයට පමණක් තනිව කළ නොහැක්කක් බවට උන්වහන්සේ පෙන්වාදෙනවා.

එමෙන්ම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සහ ධර්මයට ඕනෑම ජාතියක, ආගමක ජනතාවක් කැමති බව පෙන්වා දුන් උන්වහන්සේ, ඝනේව විහාරස්ථානයේ ඉදිරි දන් පින්කම් සඳහා මුස්ලිම්, දෙමළ සහ කතෝලික බැතිමතුන්ද ස්වේච්ඡාවෙන්ම දායකත්වය සපයන බව ප්‍රකාශ කළා.

ඒ අතර රට තුළ පවතින ගෘහස්ථ හිංසනය සහ පවුල්වල ප්‍රශ්නවලට ප්‍රධානතම හේතුව මත්ද්‍රව්‍ය ප්‍රශ්නය බව තමන් වහන්සේ විශ්වවිද්‍යාලයේදී කළ මනෝපදේශන පර්යේෂණ ඇසුරින් පෙන්වා දුන් කත්නෝරුවේ සිරිධම්ම හිමියන්, මත්ද්‍රව්‍ය උවදුරට මුහුණ දී සිටින තරුණ පරපුර ඉන් මුදවා ගැනීමට ජාතික රූපවාහිනිය හරහා දියත් කළ ධර්ම දේශනාවලට ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවද එහිදී පැවසුවා.

“දැනටමත් ලක්ෂ 35කට අධික පිරිසක් ධර්මය ශ්‍රවණය කර තිබෙනවා. පොලිස්පතිතුමා මගෙන් ඉල්ලීමක් කළා යාපනයේ දෙමළ තරුණ දරුවන්ටත් මේ ආධ්‍යාත්මික ශික්ෂණය ලබාදෙන්න බණ කියන්න කියලා. තරුණයන්ගේ ප්‍රශ්න ඒ විදිහට කතා කරද්දී, පුදුම විදිහට තරුණ දරුවෝ බණ අහන්න එන්න ගත්තා. මේ බණ මඩුවේ සතියකට සැරයක් තරුණයන් දහස් ගණනකට බණ කියන්න මම සූදානම්”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com