UNESCO සංවිධානය, ශ්‍රී ලංකා රජය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක

0
UNESCO සංවිධානය, ශ්‍රී ලංකා රජය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක

UNESCO සංවිධානය, ශ්‍රී ලංකා රජය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය UNESCO 02 Centre (C2C) ලෙස උසස් කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම UNESCO සංවිධානය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) යන අයතන අතර සිදුවිය.

මෙම අවස්ථාවට සමගාමීව, සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් සමරනායක මහතා විසින් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රයට සිදු කළ දායකත්වය හඳුනා ගනිමින් ඔහුට UNESCO-SACTD Endowed Chair පදවිය පිරිනැමීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් සිදු කෙරිණ.

“SACTD: A Collaborative Regional Journey” නමැති සමරු ග්‍රන්ථයද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිළිගැන්වීමද සිදු විය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ගුරු අධ්‍යාපනය සහ ගුරු අධ‍්‍යාපනඥයින් සවිබල ගැන්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර වෙනස් වන තාක්ෂණික ලෝකයේ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ ඒ සඳහා හැඩගැසීමට ගුරුවරුන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවද අවධාරණය කලේය.

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය (SACTD) වැනි කලාපීය සහයෝගීතා ආයතනවල වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, කලාපය මුහුණ දෙන අධ්‍යාපනික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සංවාද ඇති කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පොදු ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com