හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථානවලට අමෙරිකාවෙන් ප්‍රහාර

0
හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථානවලට අමෙරිකාවෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථානවලට අමෙරිකාවෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන මිසයිල මධ්‍යස්ථානවලට අමෙරිකාවෙන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ නෞකා ඉලක්ක කර ස්වයං ආරක්ෂක ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරනවා.

මෙසේ ප්‍රහාර එල්ල කර ඇත්තේ, දෙරට අතර සටන් විරාමයක් සඳහා අඛණ්ඩව සාකච්ඡා පැවැත්වෙන පසුබිමකයි.

මේ අතර හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට අදාළ මුදල ලබාගන්නා බව ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඇමරිකාව සමඟ ඇතිකරගන්නා කිසිදු ගිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ගිවිසුමක් ඇතිකරගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com