LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

0
LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

LPL තරගාවලියට රටවල් 21කින් ක්‍රීඩකයින් 650ක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය ඉකුත් සෙනසුරාදා (23) නිල වශයෙන් නිවේදනය කළේය.

මෙවර තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල ක්‍රීඩකයන් මෙන්ම, අර්ධ සාමාජික රටවල් කිහිපයකින්ම ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්ය.

ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මෙවර ලියාපදිංචි වී සිටිති.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම ගණන 102ක්ය.

ඊට අමතරව බ.ඉ. කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) හා ඉන්දියාවෙන්ද (12) ක්‍රීඩකයින් ලියපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මීට අමතරව අර්ධ සාමාජික රටවල්වන අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇත.

ලියාපදිංචි වී ඇති සමස්ත ක්‍රීඩකයින් පිරියෙන් 310ක් විශේෂ ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව අවසන් වටය සඳහා තෝරා ගන්නා බවද නිවේදනයේ දැක්වේ.

ඒ අනුව එම පිරිස ජුනි මස 1 වැනිදා පැවැත්වෙන LPL නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) වෙත ඇතුළත් කරනු ඇත.

6 වන වරටත් පැවැත්වෙන LPL තරගාවලිය එළැඹෙන ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com