පාකිස්තානයේ දුම්රියක ප්‍රබල බෝම්බ පිපිරීමක්; 24ක් ජීවිතක්ෂයට

0
පාකිස්තානයේ දුම්රියක ප්‍රබල බෝම්බ පිපිරීමක්; 24ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ දුම්රියක ප්‍රබල බෝම්බ පිපිරීමක්; 24ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ ක්වේටා හි දුම්රියක ඊයේ (24) සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පෙට්ටි 5කින් යුත් මෙම දුම්රියේ හමුදා සොල්දාදුවන් රැගෙනගොස් ඇති බව එම වාර්තාවන්හි දැක්වේ.

බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්ය.

බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග පෙට්ටි 3ක් පිලී පැනීමකට ලක්ව ඇති අතර, ඉන් පෙට්ටි 2ක් පෙරළී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් දුම්රිය පෙරළීමෙන් අනතුරුවද බෙදුම්වාදීන් විසින් වෙඩි තැබීම් මාලාවක්ද සිදුකර ඇති අතර, මේ වනවිට 70කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවද විදෙස් වාර්තා පවසයි.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබේ.

පාකිස්තාන භූමි ප්‍රමාණයෙන් 44%ක්ම නියෝජනය වන්නේ බලොචිස්තාන් පළාතේ කලක සිට බලොචිස්තාන් විමුක්ති හමුදාව අවි ඔසවා සිටී.

ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ බලොචිස්තාන් පාකිස්තානයට අයත් නොවන බවත්ය.

කලාපය ඉරානය හා ඇෆ්ගනිස්තායට මායිම්ව තිබෙන මෙම බලොචිස්තාන් ප්‍රන්තය යනු පාකිස්තානයේ අඩුම ජනගහනයක් ඇති පළාතද වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com