දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්

0
දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්

දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 332.08ක් සහ රු.342.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වුණි.

මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතිකයන් වෙනුවෙන් වාර්තා වී තිබෙන ඉහළම මිල ගණන් වේ.

මේ අතර ඊයේ (20) දිනයේ මෙරට ප්‍රමුඛ වානිජ විසින් ප්‍රකාශයට පත් කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල බැංකු කිහිපයකම රු. 346.50ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිවිය. එහිදී එක් වානිජ බැංකුවක ඩොලරයක විකුණුම් මිල රු. 347.17ක් තරම් ඉහළ අගයයක සටහන් වී තිබෙනු දක්නට ලැබුණි.

(20) දින වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබූ විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන්ව තිබූ ආකාරය පහතින් දැක්වේ.

ලංකා බැංකුව: 336.50| 345.50

මහජන බැංකුව: 336.86| 345.96

කොමර්ෂල් බැංකුව: 337.50| 346.50

හැටන් නැෂනල් බැංකුව: 336.50| 346.50

සම්පත් බැංකුව: 337.50| 346.50

සෙලාන් බැංකුව: 334.50| 344.50

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 335.83| 347.17

NDB: 335.00| 345.00

DFCC: 336.50| 346.00

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com