විදේශ අමාත්‍යංශයේ ලේඛන සහතික කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

0
විදේශ අමාත්‍යංශයේ ලේඛන සහතික කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

විදේශ අමාත්‍යංශයේ ලේඛන සහතික කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවයි

විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය, යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් මෙලෙස අත්හිටුවා ඇත.

අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී හැකි ඉක්මනින් (e-DAS) පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය කෙරෙහි අවධානයෙන් සිටින ලෙසද විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

පද්ධතිය යථා තත්ත්වයට පත්වූ වහාම ඒ පිළිබඳව සියලු අයදුම්කරුවන් දැනුවත් කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com