වර්ෂාවෙන් වූ වගා හානිවලට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක්
වර්ෂාවෙන් වූ වගා හානිවලට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක්
පසුගිය දිනවලදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා තක්සේරු කිරීම්වලින් පසුව හානි තත්ත්වයන්වලට අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
ඒ අනුව සිදුවූ වගා හානි පිළිබඳව දැනුම්දීමට ඉදිරි දින 14 තුළ සියලුම ගොවීන්ට අවස්ථාව ලබාදී ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ.
වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් සඳහා මෙසේ වන්දි මුදල් නිදහස් කරනු ලබන බව සඳහන්.
මේ සඳහා ගොවීන්ගෙන් කිසිඳු රක්ෂණ වාරික මුදලක් අයකර නොගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ.




