ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ මෙහෙයුමක් තාවකාලිකව අත්හිටවූ බව ට්‍රම්ප් පවසයි

0
ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ මෙහෙයුමක් තාවකාලිකව අත්හිටවූ බව ට්‍රම්ප් කියයි

ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ මෙහෙයුමක් තාවකාලිකව අත්හිටවූ බව ට්‍රම්ප් කියයි

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා මෙහෙයුමක් තාවකාලිකව අත්හිටවූ බව සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් මේ බව සඳහන් කළේ සිය ටෘෘත් සෝශල් ගිණුමේ සටහනක් තබමින්.

මෙලෙසෙ ඔහු විසින් සැලසුම තාවකාලිකව අත්හිට වූවේ ගල්ෆ් රටවල ඉල්ලීම පරිදි බවයි සඳහන් වන්නේ.

නමුත් පිළිගත නොහැකි මට්ටමේ ගිවිසුමක් ඇති කරගතහොත් ඕනෑම අවස්ථාවක ඉරානයට එරෙහිව මහා පරිමාණ ප්‍රහාර දියත් කිරීමටද අමෙරිකාව සූදානම් බවද ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව, තමන්ට ඔවුන් කෙරෙහි ඇති ගෞරවය හේතුවෙන් ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ හමුදා මෙහෙයුම තාවකාලිකව අත්හිටුවන්නැයි තමන් යුද ලේකම් පීට් හෙග්සෙත් සහ ජෙනරල් ඩෑන් කෙන්ට උපදෙස් ලබා දුන් බව ට්‍රම්ප්ගේ ටෘත් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com