2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට

0
2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට

2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය 2024 වාරයේ ශූරයන් සහ අනුශූරයන් බවට පත් වූ යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

සමාරම්භක තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදීයි.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුලි 17 වනදා සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

කොළඹ SSC ක්‍රීඩාංගණය, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙවර තරග පැවැත්වීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com