තායිවානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

0
තායිවානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

තායිවානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

චීනයෙන් ස්වාධීන වීම ප්‍රකාශ කිරීමට එරෙහිව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට අනතුරු අඟවා තිබෙනවා.

චීන ජනාධිපති ෂි ජින් පින්ග් හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර බීජිං නුවර දී පැවති දෙදින සමුළුව අවසානයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේ තායිවානය තම ස්වාධීනත්වය ප්‍රකාශයට පත්කිරීමට තමන් එකඟ නොවන බවයි.

තායිවාන ජනාධිපති ලායි චින් ටේ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තායිවානය දැනටමත් ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවයි.

ඒ හේතුවෙන් නිල වශයෙන් ස්වාධීනත්වයක් ප්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය නොවන බව තායිවාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඇමෙරිකාව දීර්ඝ කාලයක් තිස්සේ තායිවානයට ආරක්ෂක මෙවලම් සැපයීමට නීත්‍යානුකූලව බැදි සිටිනවා.

චීනය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ශක්තිමත් භාවය හේතුවෙන් දෙරට අතර සමබරතාවයෙන් කටයුතු කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com