ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් කොකේන් සමඟ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

0
ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් කොකේන් සමඟ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

ඉන්දීය ජාතික භූවිද්‍යාඥයෙක් කොකේන් සමඟ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් මිලියන 108ක් වටිනා ‘කොකේන්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගීයෙකු සිකුරාදා (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම මත්ද්‍රව්‍ය හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරී භාරයට ගෙන ඇත.

මෙම සැකකරු 60 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකි.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ, සහතික පත්‍ර බහාලන ෆයිල් කවර 02ක් තුළ සූක්ෂම ලෙස සගවා, මෙම” කොකේන්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 150ක් රැගෙන විත් තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ”කොකේන්” මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com