හාර කෝටියකට වැඩි ‘කුෂ්’ තොගයක් සමග ගුවන් මගියා අත්අඩංගුවට
හාර කෝටියකට වැඩි ‘කුෂ්’ තොගයක් සමග ගුවන් මගියා අත්අඩංගුවට
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අනූ දහසක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට කරගෙන යෑමට තැත් කළ විදේශීය ගුවන් මගියකු ඉකුත් බදාදා (13) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 29 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි.
අලුයම 12.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු රැගෙන ආ ගමන් මලු 02ක පැකැට් 4ක් ලෙස අසුරා, සකස් කරගෙන මේ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 389ක ප්‍රමාණය සඟවාගෙන තිබුණි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මේ ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.




